Logo
2020 ඔක්තෝම්බර් මස 28 වැනි බදාදා

ගලෙන්බිඳුණුවැව සෝයා බෝංචි ගොවීන්ගේ මැසිවිල්ල





සෝයා බෝංචි වගාවන් සඳහා රජය අනුමත කළ මිල නොලැබීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව ගලෙන්බිඳුණුවැව හුරුලු ගොවීන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය යල කන්නය සඳහා වී වගාව නොකරන ලෙසත්, ඒ වෙනුවට ගොඩ බෝග වගා කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ඒ සම්බන්ධ ගොවි සංවිධාන තමන්ට උපදෙස් ලබාදුන් බවය.

ඒ අනුව එම ගොවින් පසුගිය යල කන්නයේ වී වගාවට ප්‍රමුඛස්ථානයක් ලබා නොදුන් අතර ගොඩ බෝග වගා කිරීම ආරම්භ කර තිබු බව වාර්තා වේ.

අස්වැන්න  මිලදී ගැනීමේදී රුපියල් 125ක මුදලක් ලබාදෙන්නට ඇතැම් ආයතන එකඟතාවයකට පැමිණ තිබුණද මේ වන විට රුපියල් 115 ක මුදලට අස්වැන්න මිලදී ගැනීමට උත්සාහ කිරීමෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව ගොවීන් පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'