Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියාට කොරෝනා වැලදේ





අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ට්‍රම්ප්ට COVID 19 ආසාදනය වී තිබේ.

ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, තමා සහ බිරිඳ නිරෝධායනයට යොමු වී සිටින බවයි.

මීට පෙර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, සිය උපදේශිකාවක වූ හෝප් හික්ස්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු තමා  සහ බිරිඳ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වී සිටින බවයි.

පසුගිය දින කිහිපයේම 31 හැවිරිදි උපදේශිකාව ජනාධිපතිවරයා සමග කටයුතු කර තිබිණ.

මේ අතර හික්ස් මුව ආවරණයක් නොපැළඳ ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානයෙන් බසින ආකාරය දැක්වෙන ඡායාරූප ද විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'