Logo
2020 ඔක්තෝම්බර් මස 31 වැනි සෙනසුරාදා

කෝට්ටේ ඉසුර විද්‍යාලය රාජ්‍ය අමාත්‍යතුමන්ගේ නිරීක්ෂණයට





අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානයට ලක් වූ කෝට්ටේ ඉසුරු විද්‍යාලය නිරීක්ෂණය කිරීමට  ගරු කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහභාගී විය. ජනාධිපතිතුමන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇති මෙම විද්‍යාලය පිළිබඳ අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා ක්ෂණිකව එම විද්‍යාලයට ගොස් නිරීක්ෂණය කළේය.

විශාල වශයෙන් සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර අතරමඟ නවතා ඇති මෙම විදුහලේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කර කඩිනමින් නැවත එම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට සාකච්ඡා කෙරිණි. අක්කර 8ක වපසරියකින් යුතු මෙම විදුහලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය, පිහිනුම් තටාකය සංවර්ධනය කිරීම හා අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනයට අවධානය යොමු කෙරේ. මෙම විදුහල සංවර්ධනය කිරීම තුළින් නගරයේ අනෙක් විදුහල්වලට ඇති තරඟකාරී බව ඉවත් කිරීමට අපේක්ෂා කරන අතර ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා ගුණාත්මකභාවයෙන් යුතු අධ්‍යාපනයක් ලබා දීමට අදහස් කරන බව අමාත්‍යවරයා එහිදී පැවසීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'