Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

ඊයේ වාර්තා වූ ආසාදිතයන් 704 න් 541ක්ම කොළඹින්





ඊයේ දිනයේ  කොරෝනා ආසාදිතයන් 704 දෙනෙකු වාර්තා විය.  ඉන් 541 දෙනෙකු ම වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

තවදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ එම ආසාදිතයන් අතරින්ද වැඩි පිරිසක් වාර්තාවන්නේ කොළඹ නගරසීමාව ආශ්‍රයෙන් බවයි.ආශ්‍රිතයින්ගෙන් වැඩි  පිරිසක් මේ වනවිට හුදෙකළා කර ඇති ප්‍රදේශ සහ අද උදෑසන 5 සිට හුදෙකළා කරන ලද ප්‍රදේශවලින් වාර්තා වී ඇත. 

එහිදී වැඩිදුරටත් අදහස් පලකළ යුද හමුදාපතිවරයා සඳහන් කළේ එම ප්‍රදේශ හුදෙකළා කර ඇත්තේ දීර්ඝ කාලීනව නොව කෙටි කාලීනව බවත්,එම අදාළ ප්‍රදේශ හුදෙකළා කර තැබෙන කාලසීමාව පිළිබඳව, අදාළ ප්‍රදේශයන්හි ආශ්‍රිතයන් වාර්තාවන ආකාරයට තීරණය කෙරෙන බවත් ය. 

 

මේ අතර හුදෙකළා කර ඇති ප්‍රදේශවල දුරගමන් සිදුකරන රථවාහනවලට ගමනාගමනයට අවසර හිමි වුවද එම ප්‍රදේශවල කුමන හේතුවකට හෝ මගීන් නග්ගවා ගැනීමට හෝ බැස්සවීමට අවසර හිමිනොවන බවට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා තව දුරටත් ප්‍රකාශ කලා.

  </div>





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'