Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

මහ බැංකුවේ සේවකයෙකුට කොරෝනා- අධිපති ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට





ශ්‍රී ලංකා මහ බැංකුවේ ආපන ශාලාවේ සේවකයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන්  මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අදාළ සේවකයාට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ පෙරේදා දිනයේදීයි.

කෙසේ නමුත්, මහ බැංකුවේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ද එහි ප්‍රකාශකයා තවදුරටත්  සඳහන් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'