LPL තේමා ගීතය එලිදක්වයි
ලංකා ප්‍රීමියර් ලීග් සමාරම්භක විස්සයි විස්ස තරඟාවලියේ තේමා ගීතය ඊයේ(20) එලිදක්වනු ලැබීය
එල්.පී.එල්. තරඟාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම ජනප්‍රිය විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම එක්ව සිටියි.
මේ අතර, LPL තරඟාවලියේ විකාශන අයිතිය සෝනි, ස්කයි ස්පෝට්ස් සහ පාකිස්තාන පී-ටීවි ආයතන විසින් මිලදී ගෙන ඇත.
එල්.පී.එල්. තරඟාවලියට සහභාගි වීම සඳහා පැමිණ සිටින පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක සොහෙල් තන්වීර් සහ කැනඩා ක්‍රීඩක රවීන්ද්රපෝල් සිංට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඔවුන් හුදෙකලා කර ප්‍රතිකාර කරන බව සඳහන් වේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'