Logo
2020 නොවැම්බර් මස 30 වැනි සඳුදා

විදෙස්ගතව සිටි 400කට අධික පිරිසක් දිවයිනට





මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 400කට අධික පිරිසක් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව කටාර්, එක්සත් අරාබි එමීර් සහ ඉන්දියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 411 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇත.

කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 332කු දෝහා සිට ගුවන් යානා දෙකකින් අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

එමෙන්ම එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 21දෙනෙකු සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණි බව වාර්තා වේ.

ඔවුන් සියලු දෙනා පී.සි.ආර්.පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

ඊයේ දිනය වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 38 ක පුද්ගලයින් 3894 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් නයින්ටින් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'