Logo
2020 දෙසැම්බර් මස 2 වැනි බදාදා

මහ බැංකු ආපනශාලා සේවකයෙකුට covid -19





මහ බැංකු සේවකයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ආපනශාලා සේවකෙයකු මෙලෙස කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලු දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස් ආසාදිතයින් වැඩිම පිරිසක් ඊයේ දිනයේත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ දිනය තුළ පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 දෙනෙකු වාර්තා වී ඇති බවය.

ඊයේ දිනය තුළ දේශීයව පුද්ගලයින් 435 දෙනෙකු කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'