Logo
2020 නොවැම්බර් මස 30 වැනි සඳුදා

මන්නාරමේදී නීතිවිරෝධී කහ සහ ගංජා තොගයක් නාවික හමුදා භාරයට





නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ සහ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය සමග එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා භාරයට  ගෙන තිබේ.

සැකකරුවන් විසින් අදාළ කහ සහ ගංජා තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී සායිඩ්සිටි ගම්මානය පිටුපස කලපුවේ දී  නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

එහිදී කහ කිලෝග්‍රෑම් 721යි ග්‍රෑම් 500ක් සහ ගංජා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 730ක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.

සැකකරුවන් මන්නාරම, එරුක්කුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (21) මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'