Logo
2020 දෙසැම්බර් මස 1 වැනි අඟහරුවාදා

කොළඹ තෝරාගත් ප්‍රදේශවල අදත් ඇන්ටිජන් ටෙස්ට් 1000ක්





කොළඹ නගරයේ ස්ථාන කිහිපයක අද දිනයේ දී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 1000ක් සිදුකිරීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදී දිනුකා ගුරුගේ මෙනෙවිය සඳහන් කළාය.අද උදෑසන මාළිගාවත්ත ක්‍රීඩාංගනය ආසන්නයේ ආශ්‍රිතයින් 150 දෙනෙකුගේ ජෛව පටල ලබා ගත් බවත් ඒ අනුව කොළඹ ස්ථාන කිහිපයක ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් ඇය පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු දිනුකා ගුරුගේ මෙනෙවිය,

“අපි ජෛව පටල ලබා ගෙන ජංගම රසායනාගාරයක් මෙහෙට පැමිණලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. එහිදී මෙම පරීක්ෂණය සිදුකරනු ලබනවා. ජෛව පටල ලබාගෙන විනාඩි 15 - 30 ත් අතර කාලයේ දී රෝගීන් හඳුනා ගැනීමේ වේගවත් ක්‍රමයක් නිසා ආශ්‍රිතයින් සොයාගැනීම සිදුකරනවා. මෙම පරීක්ෂණයෙන් රෝගීන් හමුනොවුණොත් සෙසු ආශ්‍රිතයින් අද දිනයේ දීම පීසීආර් පරීක්ෂණ සඳහා ලක්කරනවා. කොළඹ නගරය අවට පීසීආර් පරීක්ෂණ 1000ක් කරනවා. මෙතන 150ක්. මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශ ආශ්‍රිතව පරීක්ෂණ 200ක්, ජින්තුපිටිය ආශ්‍රිතව පරීක්ෂණ 300ක් සෙසු ප්‍රදේශවලත් පරීක්ෂණ සිදුකිරීමට සැළසුම් කරලා තියෙනවා.“






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'