Logo
2020 නොවැම්බර් මස 29 වැනි ඉරිදා

මාතර මත්කුඩු ජාවාරම ජාත්‍යන්තරව මෙහෙය වු පුද්ගලයා ගැන තොරතුරු





මාතර, වැලිගම ප්‍රදේශයේදී සොගත් හෙරොයින්වලට අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති පුද්ගලයා පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, රත්ගම ප්‍රදේශයේ සිට ඉතාලියට ගොස් සිටින බව පැවසෙන පුද්ගලයෙකු විසින් එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවය.

“ඊයේ දිනයේ දී විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මඟ පෙන්වීම යටතේ තවත් විශේෂ වැටලීමක් කරා. මාස 5ක කාලයක් ආවේශන කටයුතු සිදුකරන්න වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ සවස් කාලයේ දී මාතර, පොල්අතුමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුව ගනු ලැබුවා. එම ප්‍රමාණය කොරෝනා වසංගතය දෙවැනි වර ඇති වුවාට පසුව අත්අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය වෙනවා. විශේෂයෙන් මේ ගැන විමර්ශනය කිරීමේ දී ලංකාවෙන් පිටතට ගොස් දැනට ඉතාලියේ පදිංචි වී සිටියැයි පැවසෙන රත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ජාත්‍යන්තර වශයෙන් මේ ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. අපි ඒ ගැන ජාත්‍යන්තර පොලීසියේ හා අනෙකුත් ආයතනවල සහයෝගයෙන් පරීක්ෂණ පවත්වනවා.“

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් එක් අයෙක් 37 හැවිරිදි කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර, පොල්අතුමෝදර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් හා දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'