Logo
2020 නොවැම්බර් මස 29 වැනි ඉරිදා

ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා හෙට ඉවතට





කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ජා - ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය .

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, ග්‍රෑන්ඩ්පාස්, බ්ලුමෙන්ඩල්, කොටහේන, වරාය ප්‍රදේශය, ආදිරිප්පු වීදිය, ඩ්‍රෑම් ස්රිට්, පිටකොටුව, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලාභාවය පවතියි.

කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර පවතී..

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වෙන බව යුදහමුදාපතිවරයා සඳහන් කළේය.

 

ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශ වන්නේ මීගමුව,වත්තල, පෑලියගොඩ, රාගම හා කැලණියයි.

අටලුගම ප්‍රදේශයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් වන්නේ බෝගහවත්ත,බමුණුමුල්ල මුස්ලිම් ප්‍රදේශය,හිරිමන්තුඩාව,කෝරාවල,අටලුගම බටහිර,බමුණුමුල්ල හා ගලහමණ්ඩියයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'