Logo
2020 නොවැම්බර් මස 30 වැනි සඳුදා

ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් අද පස්වරුවේ මහනුවර වාහන ධාවනය සිමා කිරීමට පියවර





අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ජාතික පාසල් ක්‍රීඩාංගණය මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් අද දහවල් 12 සිට මෙම වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බවය. 

ඒ අනුව ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් මහියංගන කුණ්ඩසාලේ, නත්රම්පොත 621 හංදියෙන් සහ දිගන නගරයෙන් වාහන ධාවනය සීමා කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මහියංගනය හසලක දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන දිගන නගරයෙන් හරවා මැනික්හින්න, පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවර දෙසට ධාවනය කළ යුතු බවය.

ඊට අමතරව මහනුවර සිට හසලක මහියංගනය දෙසට ධාවනය වන වාහන කුණ්ඩසාලේ නත්තරම්පොත 621 හංදියෙන් හරවා යක්ගහපිටිය, කිරිමැටිය, මැණික්හින්න නගර හරහා දිගන නගරය වෙත ගොස් මහියංගනය ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'