Logo
2020 නොවැම්බර් මස 25 වැනි බදාදා

අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකෙරේ





අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (22) පස්වරුවේ   පැවැත්විය.

පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පූජෝත්සවය පැවැත්වුණේ කුණ්ඩසාලේ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී ය.

මැණික්හින්න - හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර තිබූ මහනාහිමියන්ගේ ශ්‍රී දේහය අද (22) පස්වරුවේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයට වැඩම කිරීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවයේ වැඩ කටයුතු ආරම්භ විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'