Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සිකුරාදා දක්වා වැසේ





 ඊයේ කිලිනොච්චි ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමග කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සිට සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කර ඇත.   

.කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මොහු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.මේ වන විට ඔහු වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබයි.

අදාළ ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් හයදෙනෙකු ද මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇති බවද කිලිනොච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'