Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

නීතිවිරෝධී කහ තොගයක් පුත්තලමේදී පොලිස් භාරයට




පුත්තලම ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය හා එක්ව නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් සඟවා තිබූ කහ කිලෝ 250 ක් අත්අඩංගුවට ගැනුණි.

පුත්තලම නගරාසන්නයේ වී මෝලක සගවා තිබියදි කැබ් රථයක් තුළ තිබී මෙම කහ තොගය පොලිස් භාරයට ගෙන ඇත.

 කහ තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් අතර මෙම සැකකරුවන් දෙදෙනා පුත්තලම හා කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය .

ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'