Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරිය අගමැති හමුවේ





මෙරට සංචාරයක නිරත මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිවසේදීය.

එහිදී මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතුළු නීතිවිරෝධී ජාවාරම් මර්ධනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය, ත්‍රස්තවාදය, අන්තවාදය සහ ආරක්ෂක සහයෝගීතාව යන විෂයන් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුනු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.

මාලදිවයිනේ මෙම ආරක්ෂක ප්‍රධානීන් පිරිස මෙරටට පැමිණි ඇත්තේ, ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික හමුවට එක්වීමටය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'