Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

මහනුවර රෝහලේ තවත් පිරිසකට කොවිඩ්





මහනුවර මහා රෝහල් අධ්‍යක්ෂිකා, වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ තවත් 16 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති බවයි.

රෝහලේ, උගුර කණ නාසය ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් - 19  වෛරසය ආසාදනය වී ඇති බවට මීටපෙර හඳුනාගැනීමත් සමග එම ඒකකයේ සිදුකළ PCR පරීක්ෂණවලදී මෙලෙස තවත් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

වෛද්‍යවරයෙකු සහ හෙද කාර්යමණ්ඩලයේ 07 දෙනෙකු covid ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත.පවතින තත්ත්වය හමුවේ රෝහලේ උගුර කණ නාසය සායනය වසා දැමීමට සහ එම ප්‍රතිකාර ඒකකයට රෝගින් ඇතුළත් කරගැනීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'