Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 23,000 ඉක්මවයි





අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 323 දෙනෙක් නව ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,311ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 346 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන ද 17,002ක් දක්වා වැඩි විය.

අද දිනයේ වාර්තා වු ආසාදිතයින් සියලු දෙනා මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව මෙරට රෝහල්ගත සමස්ත ආසාදිතයින් ගණන 6,200ක් ලෙස වාර්තා විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'