Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

මහර බන්ධනාගාරයේ මරණ සංඛ්‍යාව 6ක් දක්වා ඉහළට - 43කට තුවාල





මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියන් 06 දෙනෙකු මිය ගොස් ඇත.

මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 43 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේය.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් ඊයේ (29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'