Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

නැගෙනහිරට සුළි කුණාටු තත්වයක් ධීවරයන්ට රතු නිවේදනයක්,නැගෙනහිර පාසල් වැසේ.





නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.මේ පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසය.

ගිනිකොණ දිග බොංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන තත්ත්වය අද උදෑසන 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 460ක් දුරින් ස්ථානගතව පවතී.මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට සවස හෝ රාත්‍රියේ ඇතුළු විය හැකිය.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙට සිට 04 වැනිදා තෙක් නැගෙනහිර පළාතේ සියලු පාසල් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවරගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'