Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

සාමාන්‍ය පෙළ විභාගය කල්යයි.





රටේ පවතින කොවිඞ් රෝග තත්ත්වය යටතේ 11 ශේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරීස් මහතා සඳහන් කරයි.

2021 ජනවාරි මස 18 වැනිදා  ඇරඹීමට තිබු අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුව ඇතැයි ඇමැතිවරයා පවසයි.

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින දරුවන්ට එයට සුදානම් වීමට අවශ්‍ය කාලය ලබා දෙමින් සති 6කට පෙර විභාග දිනය ප්‍රකාශයට පත්කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජනාවාරි මස 18 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'