Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසූ පුද්ගලයා රිමාන්ඩ්





පසුගිය බදාදා (02) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අටුලුගමදී කෙළ ගැසූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 17වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරුවීමෙන් අනතුරුව එම පුද්ගලයාව රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින් පිරිසක් අටුලුගමට ගොස් තිබුණි.

එහිදී එම පුද්ගලයා රෝහල්ගතවීම ප්‍රතික්ෂේප කරමින්  සෞඛ්‍ය සේවකයින්ට බාධා කර තිබේ. එසේම ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු දෙසට කෙළ ගැසූ බවට ද චෝදනා එල්ල වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති යටතේ සහ රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකිරීම යන කරුණු යටතේ සැකකරුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගත් බවය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'