Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට සහ හුදකලා බව ඉවත් කිරීමට තීරණය කරයි





මහනුවර - පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම - දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම හා ඇහැලියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද අළුයම 5 සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

මේ අතර, අක්කරෙයිපත්තු පොලිස් වසමේ අක්කරෙයිපත්තු - 05, 14 යන ග්‍රාම නිලධාරී වසම සහ නගර බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම, පළමුණෙයි 1 ග්‍රාම නිලධාරී වසම, ඔලුවිල් 2 ග්‍රාම නිලධාරී වසම, අඞ්ඩාලච්චේනයි 8 ග්‍රාම නිලධාරි වසම අද අළුයම 5 සිට හුදෙකලා බවින් ඉවත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම එම පොලිස් වසමේම අක්කරෙයිපත්තුව අටෙන් එක ග්‍රාම නිලධාරි වසම, අක්කරෙයිපත්තුව අටෙන් තුන ග්‍රාම නිලධාරි වසම සහ අක්කරෙයිපත්තුව නවය ග්‍රාම නිලධාරි වසම ද අද අළුයම 5 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'