Logo
2021 ජනවාරි මස 16 වැනි සෙනසුරාදා

බදු නොගෙවන ආයතනවලට වැඩ වරදින ලකුණු




විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

  එලෙස බදු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

එවැනි බදු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතු අතරම එමගින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බව ද විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා කාරක සභාවේදී සඳහන් කර තිබේ.

එහිදි සාකච්ඡා වී ඇත්තේ දේශීය ආදායම් නඩු රැසක් අධිකරණවල ගොඩගැසී ඇති අතර ඒවා කඩිනමින් විසඳීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයි.

බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා වී තිබේ.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'