Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

මෙරට ගවයන්ට නව වෛරස් රෝගයක්





ශ්‍රී ලංකාව තුළ මෙතෙක් වාර්තා නොවූ ගව වසංගත රෝගයක් මේ දිනවල ගවයින් අතර සීග්‍රයෙන් පැතිර යන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ඇතුළු කිරි ගවයින් ඇති කරන ප්‍රදේශ කිහිපයකින් මෙම රෝගය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බව ප්‍රදේශ කිහිපයක පශු වෛද්‍යවරුන් සඳහන් කළේය.

සමේ තුවාල සහ ගැටිති හට ගැනීම, උණ වැනි රෝග ලක්ෂණ මෙම රෝගය වැළඳුණු සත්වයන්ගේ දක්නට ලැබෙන බව වාර්තා වේ.

මෙම රෝගය මැස්සන් මගින් පැතිරෙන රෝගයක් බවට හඳුනාගෙන ඇති බව පොළොන්නරුව පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පැවසුවේය.

සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අංශය භාර වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා ප්‍රකාශ කළේ මෙය  “ලම්පිස්කින් ඩිසීස්“ යන චර්ම රෝගය බවට හඳුනාගෙන ඇති බවය






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'