Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

ETI අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට





එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.‍

ඔවුන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් මත ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මීට පෙර ද එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ස්වර්ණමහල් ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරියේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'