Logo
2021 ජනවාරි මස 16 වැනි සෙනසුරාදා

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ





පරාක්‍රම සමුද්‍රයේ අද  වාන් දොරටු 10 ම අඩි එක බැගින් විවෘත  කළ බව පොලොන්නරුව කලාප භාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පැවසීය.

පොලොන්නරුවට නොකඩවා ඇදහැලෙන  වර්ෂාවත් සමග මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත.

දැනට එම විවෘත කර තිබෙන වාන් දොරටු වලින් තත්පරයකට ඝන අඩි 1650ක ජල කඳක් පිටතට යැවෙන  බවත් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ඉල්ලා සිටි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'