Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

ලාහුගල පුරාවිද්‍යා භූමියක නිධන් හෑරූ 8ක් අත්අඩංගුවට





ලාහුගල වනෝද්‍යානය තුළ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයක නිධන් හෑරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් ආරුගම්බේ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පිරිස අතරින් 6 දෙනෙක් තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා අම්බලන්ගොඩ හා මාතලේ පදිංචිකරුවන්  බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොතුවිල් පොලිස් ස්ථානයට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරුවන් පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරී 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'