Logo
2021 ජනවාරි මස 16 වැනි සෙනසුරාදා

රිමාන්ඩ් කළ හිටපු ETI අධ්‍යක්ෂවරුන් නිරෝධායනයට




 

ඊ.ටී.අයි. සමාගමේ මූල්‍ය වංචාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් සිව්දෙනා නිරෝධායනය සඳහා යොමුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කරයි.

 පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර ගත කරන පුද්ගලයින් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් මෙලෙස නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

ඒ අනුව, ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ, වැලිකඩ බන්ධනාගාරයේ මීට පෙර කාන්තා අංශය පැවති ස්ථානයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'