Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

ඇමති වාසුදේවටත් කොවිඩ්





 අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ

 පසුගිය දින කිහිපයේදී ඔහු පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගි වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, සී.සී.ටී.වී දර්ශන ඔස්සේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගමන් කළ ස්ථාන පරීක්ෂාවට ලක් කෙරේ.

ජනවාරි 8 වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු  වූ අතර ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.

අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේට ද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව, ඔහුගේ ආශ්‍රිතයන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'