Logo
2021 පෙබරවාරි මස 28 වැනි ඉරිදා

බස්නාහිර හා හුදකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල දහම් පාසල් අද සිට ඇරඹේ





බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු දහම් පාසල් අද (17) ආරම්භ වන බව  බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් දහම් පාසල් හි අධ්‍යයන කටයුතු අද ආරම්භ වේ.

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් එම කටයුතු ආරම්භ කරන ලෙස සියලු දහම් පාසල් වෙත දැනුම් දී ඇති බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'