Logo
2021 පෙබරවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා

පළාගිය කටුනායක කොරෝනා ආසාදිතයා සොයාගනී





 කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ සිය නවාතැන්පොළින් පලා ගොස් සිටි කෝවිඩ් රෝගියෙකු කටුනායක 18 කණුව ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ.

පසුව 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු රැගෙන ගෝ මීගමුව රෝහලේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු පදවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 25 හැවිරිදි ආසාදිතයා සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ඒ අනුව එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා ගෙන යෑමට කටයුතු සුදානම් කර තිබිය ඊයේ දිනයේ දී පළාගොස් තිබුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'