Logo
2021 මාර්තු මස 3 වැනි බදාදා

සූරියවැව උපවාසය නතර කරන්නැයි රාජ්‍ය ඇමති ඉල්ලයි





යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කිරීම සහ අලි - මිනිස් ගැටුමට නිසි විසදුමක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සූරියවැව - වල්සපුගල දී ගොවි සංවිධාන ආරම්භ කළ මාරාන්තික උපවාසය අවසන් කරන ලෙස විෂය භාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඉල්ලීමක් කරයි. 

 අලි - මිනිස් ගැටුම විසදීම සඳහා අක්කර 13,000කින් යුක්ත අලි රැදවුම් මධ්‍යස්ථානයක් අදාළ ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේය.

එමෙන්ම, මොවුන්ගේ ඉල්ලීමට අනුව අදාල ප්‍රදේශය රක්ෂිතයක් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවත්  මේ වනවිට එම කැබිනට් පත්‍රිකාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත් තවදුරටත් ඔහු කියා සිටියේය.

ගැටළුවලට විසදුම් ඉල්ලා හම්බන්තොට ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවීන් 7 දෙනෙකු  සූරියවැව වල්සපුගල ප්‍රදේශයේදී පසුගිය 18 වනදා   ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිට මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය වී ඇත.

එම මාරාන්තික උපවාසය පැවැත්වෙන්නේ අද 3 වන දිනටයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'