පාසලක ළමුන් 15ක් හා ගුරුවරියකට covid-19
නාවලපිටිය පස්බාගේ කෝරළේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන පාසලක සිසුන් 15 දෙනෙකුට හා ගුරුවරියකට කොවිඩ් - 19 ආසාදනය වී තිබේ.
එම ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට මේ වන විට පියවර ගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සින්නන් මොහන් මහතා පැවසීය.
අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සහ 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 14 - 16 අතර සිසු සිසුවියන් 15 දෙනෙකු මෙලෙස ආසාදිත බවට තහවුරු වී තිබේ.
ආසාදිත සිසුන් හා ගුරුවරිය එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වේ.
පාසලේ සෙසු ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'