Logo
2021 පෙබරවාරි මස 27 වැනි සෙනසුරාදා

පෞද්ගලික බස් වර්ජනය සතියකට කල් යයි





පෞද්ගලික බස් හිමියන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් සේවා වැඩ වර්ජනය ලබන අඟහරුවාදා දක්වා අත්හිටවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

සිය ගැටලු සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යා අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත.

ඉල්ලීම් කිහිපයක් මුල්කරමින් එම සංගමය වර්ජනයකට යෑමට සුදානමින් සිටි අතර, අද පැවති සාකච්ඡාවේ දී ලීසිං සම්බන්ධයෙන් බස්රථ හිමියන්ට පවතින ගැටලුවට රාජ්‍ය අමාත්‍යාවරයා විසින් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වු බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'