Logo
2021 පෙබරවාරි මස 27 වැනි සෙනසුරාදා

ආදිවාසී නායක වන්නිලඇත්තන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගෙන ප්‍රධාන පෙළේ සමාගම්වලට බඩඉරිඟු වගාව සඳහා ලබාදීමට ගෙන ඇති පියවර, වහාම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණයට අද රීට් ආඥා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී බී රත්නායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටින්නේ තම ශතවර්ෂ ගණනාවක් තමන් පදිංචිව සිටින සිය නිජ බිම්වලට අදාළ බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු වගාකිරීම සඳහා සමාගම් වෙත පවරා දීමට පියවර ගෙන ඇති බවය.

ඒ යටතේ අක්කර පන්දාහකට අධික සිය පාරම්පරික ඉඩම් අහිමි වීමේ තත්ත්වයක් මතුව තිබෙන බව ද ආදිවාසී නායකයා සඳහන් කරයි.

Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'