Logo
2021 මාර්තු මස 2 වැනි අඟහරුවාදා

කොවිඩ් එන්නත පාසල් ගුරුවරුන්ට ලබාදීමට සාකච්ඡා..





මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වාදෙන්නේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා සිදුකර ඇති බවය.එබව මේ මහතා පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මම යෝජනා කරලා තියෙනවා ගුරුවරුන්ට ඒ එන්නත ලබාදිය යුතුයි කියලා. මොකද ගුරුවරයා අවදානමට ලක්වෙනවා. විශාල පිරිසක් සමග දෛනිකව ගැටෙනවා. එම නිසා ගුරුවරයාටත් යම්කිසි ආරක්ෂාවක් ලබාදීම යුක්ති සහගතයි. මම ඒ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ලලිත් වීරතුංග මැතිතුමා සමග මම මේ ගැන කතා කළා. ගුරුවරුන්ටත් මේක ලබාදෙන්න ඕනේ කියලා. එතුමා මට කිව්වා පෙබරවාරි මාසයේ අවසානයේ බැරි වුණොත් මාර්තු මාසයේ ගුරුවන්ට සීමිත ප්‍රමාණයක් හෝ ලබාදෙන්න අදියර කිහිපයකින්. මුළු රටට ම එක සැරේ කරන්න බෑ. ඒ පිළිබඳ ආරම්භයක් අපි කළ යුතුයි කියලා මාර්තු මාසයේ වුණත්. නිශ්චිත පොරොන්දුවක් දුන්නේ නෑ කරනවා කියලා. නමුත් එය හොඳ අදහස් නිසා මාර්තු මාසයේ කරන්න උත්සහ දරමු යි යන්න පැවසුවා.“






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'