Logo
2021 පෙබරවාරි මස 27 වැනි සෙනසුරාදා

කනේ පහරක් කෑ සිසුවෙකුට වන්දි ගෙවන්නැයි ගුරුවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග





මාතර, පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු විසින් 15 හැවිරිදි සිසුවෙකුට පහර දී ශ්‍රවණ හැකියාව අහිමි කිරීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඒ වෙනුවෙන් රුපියල් 150,000  වන්දි මුදලක් අගතියට පත් ශිෂ්‍යයාට  ගෙවන ලෙස එම විද්‍යාලයේ විනය භාර ගුරුවරයෙකු වශයෙන් සේවය කළ ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන නැමැත්තාට  ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එම්. කරුණාපාල සහ කේ.ඩී. කුමුදුනී හමුවේ මෙම නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේදී  මෙම සිසුවාගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් ද රුපියල් ලක්ෂ 5ක වන්දියක් අදාළ සිසුවාට ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

2017 වසරේ මෙම සිසුවාට ගුරුවරයා විසින් පහරදී තිබූ අතර එහිදී සිසුවා ඇද වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජිවිත කාලය පුරාවටම සිසුවාට ශ්‍රවණ හැකියාව අහිමිවීම බරපතල මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බව අධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ වන්දි මුදල් මාස 6ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසට ද මෙහිදී නියෝග කෙරුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'