Logo
2021 මාර්තු මස 2 වැනි අඟහරුවාදා

එකවර උණ්ඩ දෙකක් පිටකළ හැකි ගිනිඅවියක් මොනරාගලින් හමුවේ





පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ සිදුකර තිබූ වැටලීමකදී T56 උණ්ඩ භාවිත කළ හැකි දේශීයව නිෂ්පාදනය කරඇති ගිනිඅවියක් සොයාගෙන තිබේ

එකවර උණ්ඩ දෙකක් නිකුත් කළ හැකි ආකාරයෙන් මෙම ගිනිඅවිය සකස්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මොනරාගල ප්‍රදේශයේදී මෙම ගිනිඅවිය සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 26 හවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'