Logo
2021 මාර්තු මස 2 වැනි අඟහරුවාදා

රුපියල් කෝටි 10ක මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට





නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 125ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 25ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 36,500ක මුදලක් ද සොයාගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබේ.

සොයාගන්නා ලද මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 10කට අධික බවද වාර්තා වේ.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'