Logo
2021 පෙබරවාරි මස 24 වැනි බදාදා

බැඳුම්කර වංචා නඩු විභාග සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු දෙකක්





බැඳුම්කර වංචා නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු දෙකක් පත්කර තිබේ.

ඒ අනුව පළමු විනිසුරු මඩුල්ල සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන ඩී. දොලවත්ත, මංජුල තිලකරත්න සහ එම්. ඉර්ෂඩීන් යන අය පත්කර තිබේ.

නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි එම විනිසුරු මඩුලු දෙක පත්කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

දෙවන විනිසුරු මඩුල්ල සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ පත්කර තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'