Logo
2021 මාර්තු මස 2 වැනි අඟහරුවාදා

අද පස්වරුවේ කෙරවලපිටිය කසළ අංගනයේ ගින්නක්





කෙරවලපිටිය කසළ අංගනයේ අද පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

කසළ අංගනයේ පොලිතීන් හා ප්ලාස්ටික් සහිත විශාල කුණු කන්දක ගින්න හට ගෙන ඇත.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවිමේ ඒකකය හා නාවික හමුදා ගිනි නිවිමේ ඒකක පැමිණ තිබේ.

නමුත් පොලිතීන් හා ප්ලාස්ටික් හේතුවෙන් ගින්න වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මේ වන විට ගින්න මැඩපවත්වමින් සිටින බව සදහන්වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'