Logo
2021 මාර්තු මස 2 වැනි අඟහරුවාදා

කොවිඩ් එන්නත ලබා නොගත් මන්ත්‍රීවරුන්ට තවත් දින3ක්





තවමත් "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා" කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය ලබා ගැනීම සඳහා ලබන සතියේ තවත් දින3ක් ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් දෙනා එළඹෙන සතියේ කොළඹට පැමිණ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට නියමිත බැවින් මෙලෙස COVID-19 එන්නත එම දිනවල ඔවුන් වෙත ලබා දීමට තීරණය කොට තිබේ.

පෙබරවාරි 23 සිට 25 දක්වා කාලය තුළ කොළඹ නාරහෙන්පිට පිහිටි යුධ හමුදා රෝහලේදී පෙරවරු 8.30 සිට මධ්‍යහන 12.00 දක්වා මන්ත්‍රීවරුන්ට එම එන්නත ස්වේච්ඡාවෙන් ලබා ගත හැකි වනු ඇත.

ශ්‍රී ලංකා ජාතික COVID කාර්ය සාධක බලකාය එම සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'