Logo
2021 පෙබරවාරි මස 27 වැනි සෙනසුරාදා

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අද දිවයිනට





දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) දිවයිනට පැමිණීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වනබව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ඉන් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ සංචාරයට සමගාමීව ව්‍යාපාර සහ ආයෝජන සංසදයක් මෙන්ම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිහිපයක් ද සැලසුම් කර ඇති බවයි.

ඉන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට (24) මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම වසරේ රටින් බැහැරව යන පළමු නිල සංචාරය මෙයයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'