Logo
2021 අප්‍රේල් මස 17 වැනි සෙනසුරාදා

කොවිඩ් එන්නත් ලක්ෂ 5ක් මෙරටට





ඉන්දියාවේ සීරම් ආයතනය හරහා රාජ්‍ය ‍ඖෂධ නීතිගත සංස්ථාව මුදල් ගෙවා ඇණවුම්කර තිබූ ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද දිවයිනට ගෙන්වා ඇත.

මීට පෙර ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයක් මෙරටට හිමි වී තිබුණි.

මේ අතර කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා මෙරට ජනගහනයෙන් සියයට 27කට පමණ ප්‍රමාණවත් වන එන්නත් තොගයක් කඩිනමින් ලැබීමට නියමිතව තිබේ. මීට අමතරව බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා සමාගම විසින් ද එන්නත් මිලියන 10ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'