Logo
2021 අප්‍රේල් මස 18 වැනි ඉරිදා

ඊයේ ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා අගමැති හමුවෙයි





අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා අතර හමුව ඊයේ සිදුවූයේ අරලියගහ මන්දිරයේදී ය.

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර  දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදී පවතින බව ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ මෙරට ගුවන් හමුදාවේ 70වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු අවස්ථාවේදී ය.

ආරක්ෂක අංශයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය පළ කරන බවද ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා එහිදී පවසා තිබේ.

විශේෂයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාව, ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජවාරමට එරෙහිවීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ විහිදී පවතින බවද ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ඉන්දීය ගුවන් හමුදාව විවිධ පාඨමාලා ඔස්සේ මෙරට ගුවන් හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා නිරන්තර සහයෝගය ලබාදෙයි.

ඒ අනුව ආරක්ෂක අංශයෙන් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බවද ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං මහතා ප්‍රකාශකර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'