Logo
2021 අප්‍රේල් මස 18 වැනි ඉරිදා

ඊයේ කොවිඩ් මරණ 5ක්





තවත් කොවිඩ් මරණ 5ක් ඊයේ දිනයේ  තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවක්, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'