Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

දිවයිනේ ඇතැම් ස්ථානවලට තරමක තද වැසි





නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇති වේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. 

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට  මි.මී. 50 ට වැඩි තරමක තදවැසි ද ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'