Logo
2021 අප්‍රේල් මස 16 වැනි සිකුරාදා

ප්‍රකාශයක් ලබාදීමට අසාද් සාලි කුරුඳුවත්ත පොලිසියට





ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ඊයේ (13) රාත්‍රීයේ කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත.

මෙරට නීතිය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් අසාද් සාලි මහතා විසින් පසුගියදා සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී තිබුණි.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ සඳහන් කළේ අදාළ ප්‍රකාශය පිළිබඳව ආසාද් සාලි මහතාගෙන් විමසීමක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'